“හිරිපොද වැස්ස” ටෙලි නාට්‍යයේ ආත්මී චරිතයට පණ දුන් මියෝනා නම් ආධුනික නිළිය නාට්‍යයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන කතා පිළිබඳ Cineart පාර්ශවය පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ආරම්භයේදී ඇයට අවස්ථා ලබාදී රංගන දක්ෂතා වැඩිදියුණු කිරීමට විශාල වෙහෙසක් දරා ඇති බවත්, පසුව ඇය මත්ද්‍රව්‍ය භාවිතය, වේලාවට දර්ශන තලයට නොපැමිණීම, රංගන දින මගහැරීම සහ වෘත්තීය අසංවර හැසිරීම් හේතුවෙන් නිෂ්පාදනයට දැඩි හානි සිදු වූ බවත් එහි සඳහන් වේ.
මියෝනා තවමත් නාට්‍යයෙන් නිල වශයෙන් ඉවත් කර නොමැති නමුත්, නිෂ්පාදනය ඉදිරියට ගෙන යාම සඳහා නව ආත්මී චරිතයක් හඳුන්වා දීමට සිදු වූ බවත්, ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවත් දැනුම් දී ඇත. එමෙන්ම ගිවිසුම උල්ලංඝනය කරමින් වෙනත් නිර්මාණවලට ඇය සම්බන්ධ කරගන්නේ නම් එය නීති විරෝධී වන බවත් අවධාරණය කර ඇත.
අයියෝ ආත්මි අක්කේ 🥺😭💔 #celebritynews #trendinglk #gossips
#srilankacelebrity #hiripodawessa #athmi #miona #deshaninehara #newathmi #swarnawahini #teledrama #thidas #abhi #trendinglk #goviral #srilankanews #youtubeshorts #channel #subscribers
Video Source














